නිරෝධායන නීති කැඩූ හැටන් වෙළඳසැල් පොලිස් අණින් වැසේ 


 

 

 
(රංජිත් රාජපක්ෂ)  

කොවිඩ් තත්වය හමුවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් වෙළඳසැල් පවත්වාගෙන යාමට ලබා දි ඇති නිරෝධාන උපදෙස්වලට පටහැනිව හැටන් නගරයේ ව්‍යාපාර කටයුතු සඳහා විවර කර තිබූ වෙළඳසැල් කිහිපයක් තාවකාලිකව වසා දැමීමට අඹගමුව කොවිඩ්-19 සම්බන්ධිකරණ විශේෂ ඒකකයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ක්‍රිෂාන් පේමසිරි මහතා ඇතුළු මහජන සෞඛ්‍ය පරික්ෂකවරු අද (09)  කටයුතු කලහ.
 
සෞඛ්‍ය උපදෙස් වලට පටහැනිව පවත්වාගෙන ගිය පෞද්ගලික ආයතන කිහිපයකට දැඩි ලෙස අවවාද කර, අපිරිසිදු ආකාරයට පවත්වාගෙන ගිය ආපනශාලා කිහිපයක් තාවකාලිකව වසා දැමීමටත් , එම ආපනශාලාවල අලෙවි කිරීමට සුදානම් කර තිබු පිසු ආහාර සහ ඒවා පිලියෙල කිරීමට ගත් උපකරණ රැසක් විනාශ කිරීමටත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කටයුතු කලහ.
 
මුඛ ආවරණ නිසි ලෙස නොපැළඳ හැටන් නගරයට පැමිණි පාරිභෝගිකයන් රැසකට දැඩි ලෙස අවවාද කර එම පාරිභෝගිකයන්ගේ විස්තර සටහන් කර ගැනීමටද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ක්‍රියාකළහ.